Sunday, April 7, 2013

සැබෑ මිනිසත් ගති ඇති ත්‍රීරෝද රථ රියදුරු

දිනය - 2013-අප්‍රේල්-02
වේලාව - ප.ව.10.15 පමණ
ස්ථානය - පිළියන්දල බස්රථ නැවතුම ඉදිරිපිට ත්‍රීරෝද රථ නැවතුම

මම මේ වෙලාවේ හිටියෙ බොහොම අපහසුවෙන්. කොළඹ කොටුවෙ ඉඳලා මීටර් ටැක්සියක ඒමට හැකියාව තිබුනත් අතරමගදී යෙදී තිබුන වෙනත් කටයුත්තක් නිසා බස් එකේම යනවා කියලා තීරණය කළ මම එදින ප.ව. 10ට පමණ පිළියන්දලට ආවේ බොහොම සුඛෝපබෝගි ලෙස හිටගෙනමයි. මේ වෙලාවේදී පිළියන්දල ත්‍රීවීල් රථ කිහිපයක් තිබුනත් මා ඉන් එකකටවත් ‍ගොඩ නොවූයේ රාත්‍රී ගමන් බිමන් වලට මා අඳුනන ත්‍රීවීල් රථ පමණක් මා යොදා ගන්නා නිසයි. මේ වෙලාවේදී මම අඳුනන බණ්ඩාර මල්ලි එයාගේ ත්‍රීවීල් එක එතනට ගෙනත් නැවැත්තුවා. ඉහේ මලක් පිපුන මම මල්ලි අපි යමුද කියා ඇහුවා. එතකොට බණ්ඩාර මල්ලි කිව්වෙ "යමු අයියේ.. ඒත් යන ගමන් කැස්බෑවෙ යාළුවෙක් ඉන්නවා එයාට කතා කරන් යමු" කියලයි.  ඒ මල්ලි ගැන දන්න නිසා මම "හා කමක් නෑ. වැඩිවෙලා නවත්තන් ඉන්නෙ නැතුව යමු" කියලා මම කිව්වෙ ගෙදර යාමට මට තිබූ හදිසිය යටපත් කරගෙනයි. අපි විනාඩි පහක් ඇතුලත කැස්බෑවට ආවා.ඒ එනකොට කැස්‍බෑව බස් නැවතුම පැත්තේ සිට තරුණයන් දෙදෙනෙක් පාර පැන ත්‍රීරෝද රිය පැත්තට ආවා. එතකොට බණ්ඩාර මල්ලි සාක්කුවෙන් මුදල් පිරුන මුදල් පසුම්බියක් ගෙන "මල්ලි සල්ලි ඔක්කොම තියනවද බලන්න" කියල අර ආ තරුණයෙක්ට කිව්වා. මේ වෙන සිද්ධිය මොකක්ද කියලා එක පාරටම මට තේරුම් ගන්න බැරිඋනත් අර තරුණයා "තෑන්ක්ස් බණ්ඩාර. සල්ලි නැති උනත් පර්ස් එක ලැබුනනේ" කියලා කිව්වා. නමුත් බණ්ඩාර සල්ලි ගණන් කර බලන්න කියා බල කර හෙයින් ඔහු එය ගණන් කර බලා සියළු මුදල් අඩු නැතුව තියෙන බවත් රු 12,000/- මුදල තිබූ ආකාරයෙන් තිබෙන බව කීමෙන් මට කාරණය වැටහුනා. මම මේ ත්‍රිරොද රථයට නගින්නට ප්‍රථම තරුණියක් මෙම රථයෙන් ගිහින් තියෙනවා. ඇය අසුන මත මුදල් පසුම්බියක් දැක එය බණ්ඩාර මල්ලිට දීල තියෙනවා. ඇයට පෙර මෙම රථයෙන් ගිය මගියාගේ මුදල් පසුම්බිය  බව අවබොධ කරගත් බණ්ඩාර එය නැවත දුන්නේ ඔන්න ඔය ආකාරයටයි. බණ්ඩාර මෙන්ම මෙහි තරුණියද මිනිසත් බව ලැබූ මිනිසුන් බවයි මගේ අදහස.

Sunday, March 10, 2013

වැරදුනෙ කොතැනද අම්මේ . . .

අම්මා . . .  මේ වචනය ඇහෙනකොට හිතට දැනෙන සෙනෙහස වචනයෙන් කියන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලොව තාම බිහිවෙලා නැහැ. ඒත් ඒ තරම් උත්තරීතර හැඟීමක් ඇතිකරවන අම්මලා අපේ සමාජයේ කෙතරම් දුක් විඳිනවද? ගිය සිකුරාදා මම අවාසනාවන්ත උනා තවත් එක් අම්මා කෙනෙකුගේ ජීවිතයේ අවසාන කාලය ගෙවුන හැටි දැනගන්න. මේ අම්මා ගිය සිකුරාදා මියගියා. ඒ මියගියේ ඇයගේ පොඩි පුතුගේ ගෙදරදී. මෙම පුතු එයාගේ බිරිඳව කැන්දාගෙන ආවට එම අම්මා දැඩි ලෙස විරුද්ධ උනා. පුතාට හිමි විය යුතුව තිබූ පවුලේ දේපොල පවා ඇය තමාගේ අනෙක් දියණියන්ට හා පුතුන්ට නීතියෙන් පවරා දුන්නා. නමුත් ඇයගේ අවසාන කාලය ගෙවීමට අවශ්‍ය වටපිටාව මෙම දරුවන් කිසි දිනක පිළියෙල කර දුන්නෙ නැහැ. ජීවිතයේ සැඳෑ සමයේ සිටින මෙම මව අවසානයේදී තීරණය කලා තමන්ගේ බාල පුතා ලඟට යන්න. ඇය එහි ගිය විට මෙපමණ කලක් තමන් වටහා නොගෙන සිටි සත්‍යයක් ඇයට වැටහෙන්න ඇති. තමන් අවුරුදු 80වකට අධික කාලයක් ජීවත් වූ තමාගේ නිවස අතහැර තම මරණය තෙක් මෙම පුතුගේ නිවසේ ගත කිරීමට ‍අම්මා තීරණය කර තිබුණා. එය ඇය විසින් අනෙක් දූ දරුවන්ටද දන්වා තිබුනේ "මගේ මරණය කොහේවත් ගෙනියන්න එපා. මෙම පුතාට ඕන විදියට කරගන්න දෙන්න. " යන පණිවිඩය මගින්. හිතන්න ඇය කොපමණ දුකක් විඳින්න ඇතිද ඇය විසින් නොසලකා හරින ලද ඇයගේ ලේලිය විසින් දෙවියන්ට සළකනවා වගේ තම දරුවන්ටත් වඩා හොඳින් සැලකුම් ලබනකොට... මට හිතාගන්න බැරි දරුවන්ට අම්මා කෙනෙකු මරණාසන්න ඇ‍ඳේ සිටින විටත් ඇය බැලීමට නොපැමිණ සිටිය හැකිද ? මෙම අනෙක් දරුවන් එසේ කරන ලද අතර අම්මා විසින් ඇයගේ මරණයේ වැඩ කටයුතු සඳහා ඉතිරි කරන ලද මුදලද මව මියගිය වහාම ඇය බැලීමටවත් නොපැමිණි දියණියක විසින් රැගෙන ගොස් තියනවා.


මෙම සිදුවීම ආරංචි වූ විට මා හට සියළු දෙනා ගැන වෛරයක් ඇති වුනත් එම දරුවන්ට ඔවුන්ගේ දරුවන් සළකන ආකාරය සිත්තමක් ලෙස මනසේ ඇඳී යාමෙන් සිත සන්සුන් කර ගන්න හැකියාව ලැබුනා. 


දයාබර සහෝදරය / සහෝදරිය කවදාවත් ඔබගේ අම්මට මෙහෙම වෙන්න දෙන්න එපා. එහෙම කරන්න දෙන්නත් එපා.



Friday, March 8, 2013

මම සිංහල ජාතිවාදියෙක්මි.

සිංහල අපි හැමෝම ජාතිවාදි විය යුතුයි. මොකද දමිළයා මුසල්මානුවා තම ජාතිය වෙනුවෙන් කතා කරන විට අන්න නියම මිනිසුන් උන් තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරනවා කියන අපි අපේ සිංහල කොල්ලෙක් / කෙල්ලෙක් සිංහල ජාතිය වෙනුවෙන් කතා කරනකොට මෙන්න මූ ජාතිවාදය අවුස්සනවා කියලා කෑ ගහල වරිගෙ නසා ගන්නා පිරිසට අයත් වන්නන්ගේ කුලකයට අයිති බැවිනි. රට ජාතියට ආදරය කිරීම ජාතිවාදය පැතිරවීමක් නොව නියම ජාතිකයෙකුගේ ලක්‍ෂණයක් බව අපි හඳුනාගැනීමට තව කොපමණ කල් ගන්නවාද යන්න මත සිංහල ජාතියේ පැවතීම හා වැනසීයාම රඳා පවතින බව තේරුම් ගන්නේ කොපමණ සුළු පිරිසක්ද? කිසියම් කෙනෙකු සර්ව ආගමික හෝ සර්ව ජාතික නම් ඒ අයගේ හෘද සාක්ෂිය විමසීමට බඳුන් කල යුතුයි. මොකද ජාතියක් හෝ ආගමක් මිනිසෙකුට තිබිය යුත්තේ එකක්(එය මාරු කිරීම වෙනත් කරුනකි) බැවිනි. සිංහල බෞද්ධ වන කිසියම් කෙනෙකු සත්ත්ව මාංශ කෑමේ ආශාවෙන්  මුස්ලිම් ප්‍රතිපත්ති අනුගමනය කිරීම වැනි වූ දෙබිඩි පිළිවෙතක් තමයි මේ සර්ව ආගමික හෝ සර්ව ජාතික මිනිසුන්ගේ ක්‍රියා පිළිවෙත් වලින් පැහැදිලි වන්නේ.  එයට මැදි වන සාමාන්‍ය ජනතාව සිතන්නේ මොහු ඉතා හොඳ සාධාරණ පුද්ගලයෙකු වශයෙනි. එහෙත් ඔහුගේ මන්ද මානසිකත්වය බැව් දන්නේ ඔහුම පමණි. මොකද ඔහු සිංහල බෞද්ධ වුවත් වෙනත් ජාතියක වුවත් මිනිසකු නිසා තමන්ට රිසි දේ කිරීමට ඔහුට හැකියාව පැවතීමයි. එහෙත් අවාසනාව නම් ඔවුන් එම දෙබිඩි ජීවිත සාධාරණිකරනය කිරීමට යොදා ගන්නේ සමාජය වීමයි.


මතු සම්බන්ධයි ...

Sunday, October 21, 2012

මිහිරි දිවිය

හැඳිනගතිමි මා ඔබගෙන්

ජීවිතයක මිහිරි අරුත

විඳ ගත්තෙමි ඔබෙ සෙනෙහෙන්

අරුතක් ඇති දිවියෙ මිහිර

ලැබගත්තෙමි පිය පදවිය

දියණිවරුන් ඔබමෙන් ලද

සැනසෙන්නෙමි සදා ඔබෙන්

ලැබෙනා මිහිරෙන් මත්වුන . . .


Saturday, October 6, 2012

බීමත්,,
එහි ඇති අගයත්,,,
බොන උතුමෝ මිසක්,,,
නොබොන දුදනෝ නොදනිත්,,,,

Saturday, June 16, 2012

දෙවෙනි දියණී . . .

ආදර ශාන්, මට මගේ ජීවිතයේ අරුත කියා දී ඔබ වන් ලස්සන දියණියන් දෙදෙනෙක් ලබාදුන්නාට . . . . මම කොහොම  ඔයාට ස්තූති කරන්න ද?  අද (16-ජූනි-2012) මගේ දෙවෙණි දියණිය මෙලොව එළිය දුටුවා.

Monday, February 20, 2012

උපත

1975-නොවැම්බර් මස 04 වැනිදා කළුබෝවිල මහ රොහලේ දී පෙරවරු 09.58 ට මම මේ ලෝකයට බිහිවුනා.  උක්වත්ත ලොකු ලියනලාගේ පියසීලි පෙරේරා හා වතුදුර නන්දසේන ද සිල්වා මගේ ආදරණීය අම්මා හා තාත්තා වුනා. මම මේ දේවල් ලියන්නේ මගේම ජීවිත කතාව මම ම ලියන නිසාත් එය තවමත් ජීවී ආකාරයෙන් ගලාගෙන යන නිසාත් බව කියන්න ඕනා. මට හන්ගන්න කිසි දෙයක් නැති නිසා ජීවිතය හරි නිදහස්. ඒත්.... (මාතෘකාවෙන් පිට නේද?) 

මම ඉපදෙනකොට මගේ තාත්තා ලංකාවේ නම ගෙනියන්න තරමට ප්‍රසිද්ධ ව්‍යාපාරයකට අත ගහල තිබුන බව මම දැනගත්තේ තරුණ අවදියේ දී. එතකොටත් මේ සමාජය ඒ උතුම් මනුස්සයාගේ සංකල්පය විතරක් නොවෙයි මුළු ආත්මයම දේශපාලන පළිගැනීමකට ලක් කරලා ඉවරයි. කොහොම වෙතත් මම ඉපදෙනකොට අපේ පවුලේ සාමාජිකයන් වන අක්කලා පස් දෙනා, මම සහ අම්මා තාත්තා හට කරදරයක් නැතිව ජීවත් වෙන්න පුළුවන් තරම් ආදායම් මාර්ගයක් තිබිලා තියනවා. ඒවාත් බොහොම යහපත් විදියට කාටවත් කරදරයක් නොවෙන විදියට තමයි තිබිලා තියෙන්නෙ. ඒවාගේම තාත්තා යටතේ ගමේ බොහෝ දෙනෙක් වැඩ කරලා කියනවා.

Saturday, January 21, 2012

මගේ මතකයට පාර තැනුන හැටි

මම ගොඩක් දෙවල් දන්න වගේම ඊටත් වඩා මම ගැන නොදැනගෙන සිටිය, මේ ලෝකෙ පොලොවෙ පය ගහල ජීවත් වෙන ‍මිනිසෙක්. (ඔව් මම කියල පටන් ගත්තම ඉවර වෙන්න ඕන මිනිසෙක්මි කියල තමයි. ඒත් මම කැමතියි මගේ විදියට සිංහල වුනත් හසුරවන්න. ඒක ම‍ට ලේසියි. ඒ කියන්නෙ සිංහල ව්‍යාකරණ හරියට බෑ කියන එක තවත් විදියකට කියන්න පුළුවන් ලේසි ක්‍රමයක්.) කතාව පිට පැන්නද මන්ද ? හරි. මගේ බ්ලොග් ඉතිහාසය මීට අවුරුදු 4කට එහා ගියාට ඒ මුළු කාලය තුළම එක බ්ලොග් සටහනක් දිගටම පවත්වාගෙන යන්න තරම් මම මටම කීකරුව නොවෙයි හිටියෙ. මෙහෙම කාලයක් යනකොට මිනිහෙකුට තමන් කරන හා කරපු මොඩකම් තේරෙණ අවදිය වෙන වයස සමග මටම තේරුම් යනවා බ්ලොග් විතරක් නෙවේ ජීවිතයත් මෙහෙම ගියොත් අවුල් කියලා. ඉතිං සමාජයගත බවට වැඩිපුර යොමුව හිටි මම මගේ බිරිඳගේ ආදරයත් මගපෙන්වීමත් එක්කම ජීවිතේ අළුත් ගමනක් යන්න  හදනකොට මට මගේ අතීත මතක වැළලීමට ඕන වුනා. ඇත්තටම එහෙම පුළුවන්ද? බෑ. බෑ. අතීතය වළලන්න පුළුවන් කමක් කාටවත් නෑ. ඒක රබර් බොලයක් වගේ. ඒත් අපිට පුළුවන් අතීතයෙන් පාඩම් අරගෙන ජීවිතය දිනන්න.  මේ මම දැන් කරනවා වගේ. හදවතට දැනෙන සිද්ධීන් බහුල මගේ ජීවිතයෙන් ඔබට ගතහැකි දෙයක් වේ නම් සතුටට එය හේතුවක් වේවි.

මේ සටහන් මේ විදියට ලියන්න බ්ලොග් අවකාශය තුළ සිටිනා ඔබා මාමා / මාරයා / කතන්දර /අරුණි ශපිරෝ / ලංකා ජෞතිෂ අරණ යන නොදන්නා සහෘදයන්ගේ ලිවීමේ නිරහන්කාරකම ධෛරයක් උනා.

ඊළඟ ලිපියෙන් ජීවිතය අරඹමු . . .