Sunday, March 10, 2013

වැරදුනෙ කොතැනද අම්මේ . . .

අම්මා . . .  මේ වචනය ඇහෙනකොට හිතට දැනෙන සෙනෙහස වචනයෙන් කියන්න පුළුවන් කිසිම කෙනෙක් මේ ලොව තාම බිහිවෙලා නැහැ. ඒත් ඒ තරම් උත්තරීතර හැඟීමක් ඇතිකරවන අම්මලා අපේ සමාජයේ කෙතරම් දුක් විඳිනවද? ගිය සිකුරාදා මම අවාසනාවන්ත උනා තවත් එක් අම්මා කෙනෙකුගේ ජීවිතයේ අවසාන කාලය ගෙවුන හැටි දැනගන්න. මේ අම්මා ගිය සිකුරාදා මියගියා. ඒ මියගියේ ඇයගේ පොඩි පුතුගේ ගෙදරදී. මෙම පුතු එයාගේ බිරිඳව කැන්දාගෙන ආවට එම අම්මා දැඩි ලෙස විරුද්ධ උනා. පුතාට හිමි විය යුතුව තිබූ පවුලේ දේපොල පවා ඇය තමාගේ අනෙක් දියණියන්ට හා පුතුන්ට නීතියෙන් පවරා දුන්නා. නමුත් ඇයගේ අවසාන කාලය ගෙවීමට අවශ්‍ය වටපිටාව මෙම දරුවන් කිසි දිනක පිළියෙල කර දුන්නෙ නැහැ. ජීවිතයේ සැඳෑ සමයේ සිටින මෙම මව අවසානයේදී තීරණය කලා තමන්ගේ බාල පුතා ලඟට යන්න. ඇය එහි ගිය විට මෙපමණ කලක් තමන් වටහා නොගෙන සිටි සත්‍යයක් ඇයට වැටහෙන්න ඇති. තමන් අවුරුදු 80වකට අධික කාලයක් ජීවත් වූ තමාගේ නිවස අතහැර තම මරණය තෙක් මෙම පුතුගේ නිවසේ ගත කිරීමට ‍අම්මා තීරණය කර තිබුණා. එය ඇය විසින් අනෙක් දූ දරුවන්ටද දන්වා තිබුනේ "මගේ මරණය කොහේවත් ගෙනියන්න එපා. මෙම පුතාට ඕන විදියට කරගන්න දෙන්න. " යන පණිවිඩය මගින්. හිතන්න ඇය කොපමණ දුකක් විඳින්න ඇතිද ඇය විසින් නොසලකා හරින ලද ඇයගේ ලේලිය විසින් දෙවියන්ට සළකනවා වගේ තම දරුවන්ටත් වඩා හොඳින් සැලකුම් ලබනකොට... මට හිතාගන්න බැරි දරුවන්ට අම්මා කෙනෙකු මරණාසන්න ඇ‍ඳේ සිටින විටත් ඇය බැලීමට නොපැමිණ සිටිය හැකිද ? මෙම අනෙක් දරුවන් එසේ කරන ලද අතර අම්මා විසින් ඇයගේ මරණයේ වැඩ කටයුතු සඳහා ඉතිරි කරන ලද මුදලද මව මියගිය වහාම ඇය බැලීමටවත් නොපැමිණි දියණියක විසින් රැගෙන ගොස් තියනවා.


මෙම සිදුවීම ආරංචි වූ විට මා හට සියළු දෙනා ගැන වෛරයක් ඇති වුනත් එම දරුවන්ට ඔවුන්ගේ දරුවන් සළකන ආකාරය සිත්තමක් ලෙස මනසේ ඇඳී යාමෙන් සිත සන්සුන් කර ගන්න හැකියාව ලැබුනා. 


දයාබර සහෝදරය / සහෝදරිය කවදාවත් ඔබගේ අම්මට මෙහෙම වෙන්න දෙන්න එපා. එහෙම කරන්න දෙන්නත් එපා.



13 comments:

  1. මේ තුලින් අපි හැමෝටම ඉගෙන ගන්න පාඩමක් තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදීක. ජීවිතේ හැමදාමත් ඉගෙනගන්න තියෙනවා.

      Delete
  2. ජීවිතේ මැරෙනකං ඉගනගන්න ඕනේ දේවල් තියනවා කියන්නේ මේකට. ස්තුතියි සුදීක ලින්ක් එකට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මේ පැත්තෙ ආවට.

      Delete
  3. මේ දැනුත් අපි පාඩම් ඉගෙන ගන්නවා ...හැම තප්පරෙකම ජීවිතේට අලුත් දෙයක් එකතු වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒකනෙ හැම තත්පරයක්ම වටින්නෙ.

      Delete
  4. තමුන් නාකි වෙන බව මනුෂ්‍යයින්ට වැටහෙන්නෙ තමුන් නාකි වුනාටත් පස්සෙ...ජීවිතේ පුලුවන් කාලෙ හැමෝටම උදව් පදව් කරගෙන හිටියොත් ඒවා මතක තියෙන කිහිප දෙනෙක් හරි ඔබට පිහිට වේවි..කියලයි මට හිතෙන්නෙ..

    ReplyDelete
    Replies
    1. මම ඔය කතාවට එකඟයි. අපිට පුළුවන් කාලෙදී පුළුවන් විදියට හැමෝටම උදව් කරගෙන ජීවත් වෙනවානම් එක්කෙනෙක් හරි බලයි අපි දිහා.

      Delete
  5. බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන්න ඕන විවෘත ආර්ථික සමාජේදි මේ වගේ කතා සුලභ වේගන යනවා.

    දෙමාපියන් වුනු අපි ම වර්ථමානයේදි පොඩ්ඩක් අනාගතය ගැන කල්පනා කරලා (ළමඉන්ට බරක් නොවී ජීවත් වෙන්න) යමක් ආයෝජනය කරන්න ඕන කියන එකයි මම නම් හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි දෙම්පියන් බව සිතන අය අනාගතය දිහා බලන්නෙ මනසින් නොවේ, සිතින්. අන්න ඒ වෙලාවෙදී තමයි අපිට වරදින්නෙ. ප්‍රායෝගිකව මගෙ බිරිඳගෙ අම්ම තාත්තා එයාලට තියෙන සියළු දේ මේ වෙනකොට ළමයි තුන් දෙනාට ‍නීතිමය වශයෙන් බෙදල දුන්නත් ඔවුනගෙ පරිභෝජනයට කියලා සුළු කොටසක් තියා ගත්තා. අපි ඒ වෙලාවේ එම තීරණය ගැන බොහෝ සතුටු උනා. එයයි විය යුත්තෙ.

      Delete
    2. අනිත් කරුන සාගර අපේ සමාජයේ දරුවෝ ගොඩක් අය තමන්ගේ අනාගතේ ගැන තමන්ට තීරණයක් ගන්න බැරුව ඉන්නවා දෙමාපියන් නිසා. දෙමාපියන් තනිකරලා පිටරට රැකියාවකට යන්න බැරි කම. මයිග්‍රේට් කරන්න බැරි කම වගේ දේවල්.
      දෙමාපියෝ ඒ වගේ දේවල් වලදී දරුවන්ට නිදහසේ තීරණයක් ගන්න පුලුවන් විදිහේ ස්වාධීන අය නම් වටිනවා නේද?

      Delete
  6. ඒ මවගේ ලේලිය නියම මිනිස් දියණියක්. අවසාන කාලයේ ඇය වටහා ගත් දේ තුල අපිටත් හිතන්න දේවල් හුඟක් තියනවා.

    ReplyDelete
  7. මාන්නය කරතියාගෙන,මුල අමතක කර,මව් සෙනහසක වටිනාකම අමතක කර ජීවත් වෙන දුවරුන් අතරින් මේ දේවල් සිදුවීම් අමුත්තක් නෙමේ.
    ඒත් ලොවේ සියලුම දර්ම සත්ය නම්.......කල අකුසල ,අකටයුතු කම් තමාගේ දරුවන්ගෙන්.....ලෑබිය යුතුමය......

    ReplyDelete

ඔබේ මතකයට මෙන්න ඉඩ . . .