Tuesday, February 25, 2014

Make Your Own Games with Game Maker Studio - Game Make Studio මගින් විනෝද ක්‍රීඩාවක් නිපදවමු.

ඔබත් කැමතිද ඔබ විසින් නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාවක් යහළුවන් සමග සෙල්ලම් කරන්න. මතකද අපි 1993 – 2003 වැනි අවදියේදී ක්‍රීඩා කල Super Mario, Red Alert, Police වැනි ක්‍රීඩා. ඒවා එකල අපගේ සිත් කෙතරම් පැහැර ගත්තද ? අපි එවැනි ක්‍රීඩාවක් නිර්මාණය කරන්න කොච්චර සිහින මැව්වද ? අපෙන් කිහිප දෙනෙකුට ඇරෙන්න එම අවස්ථාව කරා යාමට නොහැකි වුනේ C, Java වැනි පරිගණක භාෂා නොදැන සිටීම නිසා නේද ? ඔන්න අද එම මග හැරුන අවස්ථාව නැවතත් උදා වෙලා. අපිට අපේම කියලා පරිගණක ක්‍රීඩාවක් දැන් නිර්මාණය කරන්න පුළුවන්. ඉතා සුළු ක්‍රියාකාරකම් කිහිපයක් මගින් පරිගණක ක්‍රීඩාවක් නිර්මාණයට මෙම Game Maker  හරහා ඔබට පුළුවන්. මේ මෘදුකාංගය භාවිතයෙන් ඔබට නිර්මාණ හැකියාව පුළුල්ව තිබෙනවානම් බොහෝ දේ කල හැකියි. එනම් මෙම මෘදුකාංගය මගින් ආධුනික මට්ටමේ සිට වෘත්තීය මට්ටමේ ක්‍රීඩා නිර්මාණය කරගැනීමට ඔබට පුළුවන්.

මගේ මේ උත්සාහය වන්නේ ලාංකික අපිට හුරු අපේම පරිගණක ක්‍රීඩා වෙත ආධුනික ඔබ නැඹුරු කරවන්නයි. කවදත් නැවුම් අදහස් ඇති අපේ බ්ලොග් මිතුරන් තමන්ට හිතෙනා ක්‍රීඩා තේමාවක් ඔස්සේ මෙමගින් පරිගණක ක්‍රීඩා නිපදවන දවස අදින් ආරම්භ කරයි කියලා මම දන්නවා.

මුලින්ම මේ සඳහා Game Maker Studio මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර තිබිය යුතුවේ.Game Maker මෘදුකාංගය අද වන විට ලෝකයේ බොහෝ පාසල් හා විශ්ව විද්‍යාල වල පරිගණකගත විනෝද ක්‍රීඩා නිර්මාණකරනය ඉගැන්වීමේදී යොදා ගනී.

පහත සබැඳිය මගින් Game Maker Studio නිශ්පාදක අඩවියෙන් ඔබට මෙය භාගත කල හැකි අතර මෙහි බොහෝ පිටපත් අන්තර්ජාලය මගින් නොමිලේ ලබා ගන්න පුළුවන්.

http://www.yoyogames.com/studio/download

12 comments:

  1. යකෝ සාගර ජලය මදි හැඬුවා ඔබ හන්දා ...තන්කිව් කිව්වා

    ReplyDelete
    Replies
    1. හා හා කිව්වා. තැන්කූ තැන්කූ.

      Delete
  2. හා හා මාත් හරි ආසාවෙන් අෆ්ෆා හිටියෙ මගෙම කියලා ගේමක් හදාගන්ට බොහොම ස්තූතියි අයියා

    ReplyDelete
    Replies
    1. මම මුල ඉඳලා game එකක් හදන හැටි ලියනවා. බොහෝවිට හෙට post කරන්න පුළුවන් වෙයි. මටනම් මගේම කියලා ගේමක් තියෙනවා. නාට්‍ය ට නම් game story එක simple ප්ලෑනක් වෙයි. ආවට ස්තූතියි මේ පැත්තෙ.

      Delete
  3. බලමුකෝ පොඩි ට්‍රයි එකක් දීලා..

    අදයි මේ පැත්තේ ගොඩ වුනෙත්..

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිළිගන්න්වා මගෙ මතකයට.

      Delete
  4. උඹේ බොග සින්ඩි වල නැද්ද බං ...
    මම කියන්නම් තිඹිරිගෙය සින්ඩියේ එල්ලන්න කියල.
    දිගටම ලියපං ...ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. දැනට සිංහල බ්ලොග් රීඩරයේ හා හත්මාළුවේ ඉන්නවා. හරි තිඹිරිගෙයත් එල්ලන්නම්. ようこそ කෙන්ජි.

      Delete
  5. පරිගණක ක්‍රමලේඛනය පිළිබඳව මටත් තරමක අවබෝදයක් තිබේ. නමුත් මේවැනි මෘදුකාංගය ගැන කිසිවක් දැන සිටියේ නැහැ.
    පරිගණක ගේම් නිර්මාණය කරන්න කාලයක් තියේවිද කියා සිතන්න බැහැ. නමුත්, නිර්මාණාත්මක යමක් කිරීමට හොඳ අවස්ථාවක් යැයි සිතෙනවා. හැමෝම එක වාගේ නෙමේනේ. කාලය උපරිම තියෙන අයෙකුට ඉතා වටිනවා.

    ReplyDelete
    Replies
    1. මධුශානි - මටත් ඕන වෙලා තියෙන්නෙ අපේ දෙයක් කිරීමට යොමුකරවන්නයි. ඊට අමතරව අධ්‍යාපනික මෙවලමක් වශයෙන් පරිගණක ක්‍රීඩාව ලංකාවේ දියුණු වෙලා මදි නිසා එය කරා යාමට උදව්වක් කරගන්නවා නම් මේ මෘදුකාංගය ඉතාමත් උචිතයි. මොකද එය නිර්මාණය පහසු නිසා බොහෝ දෙනෙකුගේ අදහස් එයට එක් වෙනවා. අන්තිම ප්‍රථිපලය සාර්ථක කරගන්න එය ප්‍රයෝජනවත්.

      Delete
  6. මේ බ්ලොග් අවකාසේ ඉන්න සම-හරක් හිතාගෙන ඉන්නේ උන්ට බැරි කිසි දෙයක් වෙන කෙනෙකුට කරන්න බෑ කියලා. ඒ වගේ උන් අපි අතීතයේදී ඒ වගේ දේවල් වලට ගත්තු උත්සාහ වලට හිනා වෙනවා. උන්ට මැජික් වුණාට අපි මොනවා කරන්නද ? ලංකාව දියුණු වෙන්නේ නැත්තේ ඔන්න ඔය කාරණය නිසා.

    ReplyDelete
    Replies
    1. ඕවා ගණන් ගන්න එපා මචං. අපි දන්නවනේ ඇත්ත. සුදීක අහල තියනවානෙ ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ. ඔච්චරයි හිතන්න තියෙන්නෙ.

      Delete

ඔබේ මතකයට මෙන්න ඉඩ . . .