Sunday, March 6, 2016

නූල

නූල කිව්වම ගොඩක් දෙනෙක් මේ පෝස්ට් එක දිහා එක එක විදියට බලයි, මම මේ කියන්න යන්නේ මොන නූලක් ගැනද කියලා. එහෙන්ම් කට්ටිය දැන් ලෑස්ති වෙන්නකෝ නූලෙ පලහිලව්ව බේරන්න.


 "තවත් නූලක්" රෙදි බේසමෙන් අත් ඉවතට ගනිමින් අම්මා ප්‍රශ්ණ කළාය. "හරියට මම නූල් වල්න් හදලා වගේ හැම වෙලාවෙම නූල් ඉල්ලනවා. මම ඊයේ නූල් බොලයක්ම නුඹට දුන්නා. එපමණ නූල් මොකටද? ඒවාට මොකද වුණේ?"

 "බෝලෙට මොකද වුණේ ? අම්මම ඒවායින භාගයක් ආපහු ගත්තා නෙව" කොලුවා උත්තර දුන්නේය.

 "මම රෙදි මිටි බඳින්නේ මොනවායින්ද?"

 "ඉතිරි නූල් වලින් භාගයක් ටොම් ගත්තා. බිලි පිත්තට බඳින්න."

 "වැඩිමහළු සහෝදරයාට නුඹ හැමදාම කීකරු වෙන්න ඕන."

 "ඔව් මම ටොම්ට භාගයක් දුන්නා. ඉතිරි කොටසින් භාගයක් කාර් එක හැපුණ වේලාවේ හිනාවීම නිසා කැඩුනු කලිසම් පටි වෙනුවට බඳින්න තාත්තට දුන්නා. ඊට පස්සේ අක්කා එයාගෙ කොණ්ඩෙ කරලි බඳින්න ඉතිරි කොටසින් පහෙන් දෙකක් ගත්තා."

 "නූල් බෝලෙ ඉතිරි කොටසට නුඹ මොකද කළේ?"

 "ඉතිරි වුණේ සෙන්ටිිමීටර 30 ක් විතරයි. එයින් ටෙලිෆෝන් එකක් හදන්නේ කොහොමද ?"

ඔන්න දැන් තමයි මේ කතන්දරයේ හොඳම හරිය....

නූල් බෝලයේ දිග කොපමණ ද ?

(උපුටා ගැනීම ගණිත විනෝදය 24 වන ප්‍රශ්ණය)
Mathematics Can Be Fun

10 comments:

  1. Replies
    1. නූලේ දිග හොයපන්... උඔට වෙන් දෙයක් කිව්වනම් :D

      Delete
  2. මචෝ මම හිතුවේ කොල්ලන්ගේ නූල කැඩෙන එක ගැන කතාවක් කියලා. කෙල්ලෝ හරි කැමතියි එව්වා අහන්න. සමහර එවුන් දන්නෙම නෑ නූල කැඩෙනවා කියන එක.

    ReplyDelete
    Replies
    1. මේකෙදී නූල පස් හය වතාවක් කැඩිලා බන්...

      Delete
  3. 400cm. මම පොත බලලා නෙවෙයි උත්තරේ දුන්නේ.

    ReplyDelete
    Replies
    1. හරි. හොයපු හැටි අනිත් අයටත් කියන්න සුදීක.

      Delete
    2. අම්ම භාගයක් ගත්තම ඉතිරි 1/2

      ටෝම්ට එකෙන් භාගයක් දුන්නම් ඉතිරි 1/4 (1/2 x 1/2)

      තාත්තට තව භාගයක් දුන්නම ඉතිරි 1/8 (1/4 x 1/2)

      අක්කාට දුන්නම ඉතිරි 3/40 (1/8 x 3/5)

      3/40 = 30 = > 30 x 40 /3 => 400 cm

      Delete
  4. යකඩෝ නූල හොයාගන්න්\ හරි බ්ලෝග මතක් වෙච්ච් එක මදැයි

    ReplyDelete
    Replies
    1. ඒකත් නූලක් හින්දා හොඳා...

      Delete

ඔබේ මතකයට මෙන්න ඉඩ . . .