Monday, December 15, 2014

Math Tricks - How to multiply in your head! (ගණිත කෙටි ක්‍රම) - පළමු පියවර

මෙම ක්‍රම භාවිතා කිරීමට පෙර සියළුම දෙනා පැන්සලක් හා කඩදාසියක් ගන්න. මුලින්ම මෙම ක්‍රම එම කඩදාසියේ ලියා එහි සත්‍යතාව අත්විඳින්න. 

මෙම ක්‍රමයන් ලිපි පෙළක් ආකාරයෙන් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය ඔබ දන්නා සියළුම පාසල් සිසුන්ට කියා දීමෙන් ඔවුන්ගේ ගණිතයට ඇති කැමැත්ත වැඩි කිරීමට හේතු වන අතර අපට සතුටු විය හැකි පුණ්‍ය ක්‍රියාවක් සිදුවෙයි.

අද මම කියල දෙන්න යන්නේ ඕනෑම සංඛ්‍යාවක් 3 න් ගුණ කරන ආකාරයයි.

01 උදාහරණය-

12 x 3 = ?

මුලින්ම මෙම සරල සුළු කිරීම සිදු කරමු. මෙහිදී 12 x 3 දුන් විට බොහෝවිට කරන්නේ මෙහි පහත ආකාරයෙන් ලියාගෙන එය සුළු කිරීමයි.

      12
  x    3



      36


නමුත් මම අද ඔයාලට මෙම සංඛ්‍යා ගුණ කිරීම ඉහත සඳහන් ආකාරයටම පවතිද්දිම කියල දෙනවා.

12 x 3 යයි ලියූ විට 1 x 3 = 3 ලියා 2 x 3 ඊට පසුපසින් ලියන්න. එවිට පිළිතුර 36 ලැබෙනු ඇත.

දැන් වෙනත් දංඛ්‍යාවක් 3න් ගුණ කර බලමු.

36 x 3 සුළු කිරීම කරමු.

3 x 3 = 9 ලියන්න. ඊට පිටුපසින් 6 x 3 පිළිතුර වන 18 ගෙන ඉන් 8 ලියා මෙය අංක දෙකේ සංඛ්‍යවක ගුණ කිරීමක් නිසා 1 නැවත පෙර අංකයට එකතු කරන්න. එවිට 9 + 1 =10 වේ. දැන් පිළිතුර 108 පෙස වේ.

දැන් 109 x 3 ගෙන බලමු.

1 x 3 = 3,  0 x 3 = 0 හා 9 x 3 =27 වේ. එවිට 7 ලියා පෙර ඉලක්කමට 2 එකතු කරන්න. දැන් පිළිතුර 327 ලෙස ලැබේ.


නැවතත් 427 x 3 වැනි සුළු කිරීමක් ගනිමු.

4 x 3 = 12, 2 x 3 = 6 හා 7 x 3 = 21 වේ. මෙවිටද පෙර කලාක් මෙන් 1 අවසානයට ලියා 2 ඊට පෙර ඉලක්කමට එකතු කල යුතුය. එවිට 6 + 2 = 8. පිළිතුර 1281 වේ.

දැන් 444 x 3 සුළු කිරීම ගනිමු.

මෙහිදීද ප්‍රථම ඉලක්කම හැර අනෙක් සියළුම සුළු කිරීම් වල ලැබෙන පිළිතුර තනි ඉලක්කමක් නොවේ නම් අග ඉලක්කම ලියා පෙර අංකය ඊට පෙර ඉලක්කමට එකතු කළ යුතුය. එනම්,

මුල් 4 x 3 = 12, දෙවන 4 x 3 =12 මින් 2 ලියා 1 පෙර 12ට එකතු කළ යුතුය. එවිට 13 වේ. දැන් අවසාන 4 x 3 = 12 ලෙස ගෙන එහිදීද 2 ලියා 1 පෙර ලියූ 2ට එකතු කළ යුතුය. එවිට 1332 ලෙස පිළිතුර ලැබේ.

මෙම ගණිත ක්‍රමය කිහිප වරක් කොළයක පුහුණු වී මනෝමයෙන් සුළු කරන්න පටන් ගන්න. ඔබට ඕනෑම සංඛ්‍යාවක් තත්පර ගණනකින්  සුළු කිරීමට හැකිවේවි.

නැවතත් මෙවැනිම ලිපියකින් හමුවෙමු.

No comments:

Post a Comment

ඔබේ මතකයට මෙන්න ඉඩ . . .