Wednesday, April 16, 2014

දැන් ඕනෑම දිනයක දවස කීමට ඔබටත් පුළුවන් ! Day of the Date

මම අද කියලා දෙන්න හදන්නෙ යාළුවන්ව පුදුමයට පත් කරවීමට හැකි අනාගත දිනයක හෝ අතීත දිනයක, දිනය විමසා දවස ප්‍රකාශ කල හැකි අතිශය පහසු ගණිත ක්‍රමයක්. මෙය ප්‍රගුණ කිරීමෙන් පිරිසක් සිටින තැනක ඔබට යම් අවධානයක් ලබා ගැනීමට හැකිවේවි. ඒ වගේම මම මේ ළඟකදී යම් රූපවාහිනි නාලිකාවක මෙම දවස කියන ක්‍රමය දිව්‍යමය බලයකින් ලැබූ බව ප්‍රකාශ කල පුද්ගලයෙක් දුටුවා. ඔහු ගැන දුක්වන අතරම මෙම ක්‍රමය ඔබත් අත්හදා බලා දිව්‍යමය බලයක් ලබාගනු ඇතැයි සිතමි.
ඔබ මේ සඳහා මුලින්ම මෙම වගුවේ ආකාරයට මාස සඳහා ලැබෙන අගයන් 12 මතක තබා ගත යුතුයි.

ජනවාරි                          0
පෙබරවාරි                      3
මාර්තු                             3
අප්‍රේල්                           6
මැයි                               1
ජුනි                               4
ජුලි                                6
අගෝස්තු                       2
සැප්තැම්බර්                   5
ඔක්තොබර්                   0
නොවැම්බර්                  3
දෙසැම්බර්                     5

මෙය 033-614-625-035 ලෙස දුරකථන අංකයක් ලෙස මතක තබා ගත් විට මට පහසුවෙන් මතක හිටියා. තමන් කැමති ආකාරයකට මෙම අංක මතක තියා ගන්න.



පියවර 1:

ඔබ මිතුරකුගෙන් දිනයක් විමසන්න. උදා - 04-නොවැම්බර්-1975


පියවර 2:

පළමුව මාසයට අදාල අගය මතක තබා ගන්න. උදාහරණයට අනුව නොවැම්බර් මසට අගය 3 වේ.


පියවර 3:

දැන් මාසයේ අගයට ඔබ විමසා දැනගත් දිනයේ අගය එකතු කරන්න. 3 + 4 = 7


පියවර 4:

එම ලැබුන අගයට විමසා දැනගත් දිනයේ අවුරුද්ද සඳහන් වන කොටසේ අනතිම අගය එකතු කරන්න.

7 + 75 = 82


පියවර 5:

දැන් වර්ෂය සඳහන් අන්තිම අංක දෙක 4න් බෙදා කොපමණ අධික වර්ෂ ප්‍රමාණයක් ගතකර ඇත්දැයි දැනගෙන එය පෙර ලැබුන අගයට එකතු කළ යුතුයි.

75/4 = 18
මෙහිදී ඉතිරිය නෙසලකා හරින්න.

82 + 18 = 100


පියවර 6 :

දැන් මෙම අගය 7න් බෙදා ලැබෙන ඉතිරිය අනුව පෙර විමසූ දිනයේ දවස ඔබට ප්‍රකාශ කළ හැකිය.

උදාහරණයේ දිනයට අනුව නම් 100/7 = 14 ඉතිරි 2 යි. එනම්  04-නොවැම්බර්-1975 වැනිදා අඟහරුවාදා දිනයකි.

***** 2000 වර්ෂයෙන් පසුව සෙනසුරාදා අගය 0 ලෙස ගෙන ඉදිරියට යන්න. - ස්තූතිය සුදීකට

ඉරිදා                  0
සඳුදා                  1
අඟහරුවාදා        2
බදාදා                 3
බ්‍රහස්පතින්දා      4
සිකුරාදා             5
සෙනසුරාදා        6

28 comments:

  1. මට තේරුම් ගත නොහැක.... මචෝ...

    ReplyDelete
    Replies
    1. මේකයි කෙන්ජි. අපි කාගෙන් හරි දිනයක් අහගෙන එම දිනයට අදාල දවස කීමේ ක්‍රමයක් මෙහි තියෙන්නෙ. ඔබගෙන් කව්රුහරි ඔබගේ උපන් දිනය සතියේ කුමන දිනකදැයි ඇහුවොත් මතකද? ඒ වාගේම ඉදිරි වර්ෂයක දිනයක දවස සඳුදා අඟහරුවාදා . . . ලෙසත් මෙයින් කියන්න පුළුවන්. මේ ලඟකදී මේ ගණිත ක්‍රමය දිව්‍ය බලයකින් ලැබුනා කියලා TV එකේ පොරක් කිව්වා. මේ ගැන හොයද්දී ජාලයේ තිබූ මේ ක්‍රමය මා දැක්කා.

      Delete
    2. අනේ මටත් තේරෙන්නේ නැ බං

      Delete
    3. @අටම් : උඹ වෙනස වැඩසටහන බලනවාද ?

      Delete
    4. ම්මත් වෙනසෙ දැක්කා .. මේ අර ඉන්දික කියන අන්ධ මනුස්සය කරපු එක ද නැත්තන් ඊට කලිනුත් ඔහොම ඉන්ටවීව් එකක් කලා මචං

      Delete
    5. @පත්තර මල්ලි : ඒ වැඩ සටහන් තමයි මචං. හැබැයි ඒ විදියට ගණිත ක්‍රම දිව්‍ය බලයන් කරන එකට මම එකඟ නෑ බන්. හැබැයි මිනිහගේ ගණිතකර්ම වේගය ඉතා ඉහලයි.

      Delete
    6. ඔව් මචං .. මිනිහගෙ ඇස් නොපෙනුනාට හොඳ බුද්ධියක් තියනවා..කතා කරද්දි බර වචන ටිකක් දානවා..ඒ ටික ඕනෙනම් බොහොම සරලව කිය්න්නත් පුලුවන් :D
      මොන දිව්‍ය බලයක්ද !!! පත්තිනි මැනි දුන්න වරමක්ද මොකද්ද කිව්වනේ ඇස්ට්‍රල් බොඩි එකෙන් සැරිසරද්දි ..හෙහ් හෙහ්.අනේ මගෙ කට !!

      Delete
    7. ඇස්ට්‍රල් බොඩි එකෙන්?? පත්තිනි මෑණි..?? හැක් හැක්..

      …මීට කලින් අටපට්ටමේ මේ වගේ පොඩි උන් පෙන්නුවා..

      Delete
    8. අනේ කාටද බං කියන්නේ ????? හැක් හැක්

      Delete
  2. නියම වැඩක්නේ. ගණිත විනොදයේද තිබුණේ ?

    ReplyDelete
    Replies
    1. නෑ මචෝ. ජාලයේ තිබුනෙ. මෙන්න link එක.

      http://easycalculation.com/funny/shortcuts/day.php

      Delete
  3. අප්‍රේල්=6 අද=> 16 + 6 = 22 +14 = 36 + 14/4 = 39 / 7 => 5,4
    මේ අනුව ලැබෙන පිළිතුර බ්‍රහස්ප්‍රතින්දා වේ. නමුත් නිවැරදි පිළිතුර බදාදා බැවින්, 2000 න් පසු ඒවා සඳහා සෙනසුරාදා 0 ලෙස ගත හැක.

    ReplyDelete
    Replies
    1. ඔව් සුදීක. මම කීපදෙනෙක්ගේ උපන්දින වලින් මෙය බැලුවේ. 2000 පසු ඔබ කියන අයුරින් මෙය ගණනය කරන්න පුළුවන්. සමහරවිට තවත් සංශෝධන ඇති ඉදිරි සහ පසු වර්ෂ වලට.

      Delete
  4. මරුනේ.. හැබැයි ඉතින් මතකෙට දාගන්න මේක ටික වෙලාවක් යාවි වගේ.. බලමුකෝ..

    ReplyDelete
  5. කම්මැලියි බං ඔය ගනන් හදන්න

    ReplyDelete
    Replies
    1. මමත් හිතුවේ ඔන්න ඔහේ කැලැන්ඩරයක් හොයාගෙන බලාගන්නවා කියල.. හෙහ් හෙහ්

      Delete
    2. හරි උඹල දෙන්නම එහෙම කරපන්කෝ. හැබැයි පැතුම් computer එකක් නැතුව කැලැන්ඩර් හොයන්න ගියොත් සෑහෙන් කාලයක් යයි. :D

      Delete
  6. මේක කොලේකට අරං, සාක්කුවෙ තියාගන්න වටිනවා.

    ReplyDelete
    Replies
    1. සල්ලි සල්ලි කියලා බැලුවේ නෑ ඕන්. ජාලෙන් බැලුවා. උඹලට දුන්නා. Welcome ඩ්‍රැකි.

      Delete
  7. 1999/2000 warsha wala mata mathakai "vijaya" paththare chart ekak dunna hariyatama dine kiyanna puluwan ekak

    ReplyDelete
    Replies
    1. මචෝ හොයලා දාන්නකෝ ඒ ක්‍රමය.

      Delete
  8. 1972/11/27 anne ahne

    ReplyDelete
    Replies
    1. 3+27+72+18=120
      119/7=17 ඉතිරි 1.
      එමනිසා සඳුදා වේ.

      මෙම දිනය හරියට හරි.

      Delete
  9. ඔයිටත් සරල තවත් ක්‍රමයක් තිබුනා වගේ මතකයි. දැනට සෑහෙන කාලෙකට කලින් කියවපු පොතක දැක්කා වගේ තමා මතක. පුකෙනුත් හිනා යනවා බන් ලංකාවේ මෝඩයෝ අන්දන්න මුන් කියන කතා වලට :D

    ReplyDelete
    Replies
    1. ඔව් බන්. ඊටත් මේ රූපවාහිනි මාධ්‍යයක මෙහෙම අන්දනවාද?

      Delete
  10. මරේ මරු ... හිටින මාත් වෙනසට යන්න ... පත්ත්රයා කෝ

    ReplyDelete

ඔබේ මතකයට මෙන්න ඉඩ . . .