අද මම ආසම කරන පොතකින් උපුටා ගත්තු ගණිත ප්‍රශ්ණයක් ඉදිරිපත් කරනවා. ඒ "වයි පෙරෙල්මාන් " රුසියානු රචකයා ලියූ " ගණිත විනෝදය " පොතේ එන දුම්රිය බලපත්‍ර නම් ගැටළුවයි. මා ළඟ මෙම පොත වසර 10කට පමණ උඩදි තිබුනා. ඒත් මගෙන් එය ඉල්ල ගත්තු මගේ යහළුවෙක් නැවත නොදීම නිසා මම පොත් ගැන සැලකිල්ලක් නැති අයට පොත් දීමෙන් වළකිනවා පමණක් නොවේ පොත් තියනවා කීමත් දැන් කරන්නෙ බොහොම පරිස්සමින්. මම මේ අළුත් පොත ගත්තෙ මේ සැරේ BMICH එකේ තිබුන සාහිත්‍ය මාසේ පොත් ප්රදර්ශණයෙන්. වසර දෙකක් සොයලත් හමුඋනේ නැති පොත සොයා ගන්න උදව් උන දිල්රුක් " සුදීක " මිත්‍රයටත් ස්තූතියි පොත පෙන්නුවට ප්රදර්ශණයේදී.
මෙන්න ප්‍රශ්ණය :
" මම දුම්රිය ප්‍රවේශ පත්‍ර විකුණනවා " ක්‍රීඩාවට සහභාගි වූ කාන්තාව තම ගැටළුව ඉදිරිපත් කිරීමට ආරම්භ කලාය. බොහෝ දෙනෙක් සිතන්නෙ එය ලෙහෙසි කාර්යයක් බවයි. කුඩා දුම්රිය සේවය කරන කෙනෙකුට වුවත් කෙපමණ ප්‍රවේශ පත්‍ර විකිණීමට සිදුවේ දැයි දන්නෙ නැහැ.සෑම මගියෙකුටම එම දුම්රිය ස්ථානයේ සිට එම මාර්ගයේ තිබෙන තමන් කැමති ඕනෑම දුම්රිය ස්ථානයකට ප්‍රවේශපත්‍ර ලබාගැනීමට හැකියාවක් තිබිය යුතුයි. එපමණක් නොවෙයි දෙපැත්තටම. මම වැඩ කරන්නේ දුම්රිය ස්ථාන 25 ක් ඇති දුම්රිය මාර්ගයක. ඔබ සිතන ලෙස එම දුම්රිය මාර්ගයේ සෑම දුම්රිය ස්ථානයක් සඳහාම එකිනෙකට වෙනස් ප්‍රවේශපත්‍ර කොපමණ තිබිය යුතුද ?
ඔන්න ප්‍රශ්ණය උත්තරය Comment කරන්න.
600 yi
ReplyDeleteතව හිතන්න . . .
Delete25 x 24 = 600
ReplyDeleteතව හිතන්න . . .
DeleteYou should count return tickets also :)
ReplyDeleteඔය තියෙන්නෙ . . .
Deleteඋඩ ඇනෝ කියපු උත්තරේ හරි කියලා හිතෙනවා....
ReplyDeleteමාත් ඒ දවස්වල වයි පෙරලේමාන්ගේ පොතේ ගණිත ගැටලු ට්‍රයි කරලා තියෙනවා. :)
කතාවටත් කියන්නේ "ස්ත්‍රී රත්නං පුස්තක රත්නං පර සහ්ත ගතෝ ගතඃ" කියලා.
(ස්ත්‍රියයි පොතයි පිට ගියොත් ගියාමය කියලා)
ඒ නිසා කාටවත්ම පොත් දෙන්ඩ යන්ඩෙපා !
නෑ ඇනෝල දෙන්නටම තව එක පියවරක් හිතන්න තියනවා.
Deleteකතාවනම් ඇත්ත. ස්තූතියි ආවාට.
අවමය 24යි උපරිමය 48යි
ReplyDeleteනෑ. හොඳට බලන්න.
Deleteමමත් පොතක් ගත නිසා පිළිතුරු දීමෙන් වැළකී සිටිමි. නමුත් පොත නොබලා උත්සාහ කරන්නම්.
ReplyDeleteපොත බලන්නෙ නැතුව උත්සහ කරයි කියල ෂුවර්.
Deleteමෙන්න එහෙනම් උත්තරය - 24 * 25 = 600
ReplyDeleteදෙපැත්තටම නිසා 600 * 2 = 1200
මමත් මේ පොත හොය හොය හිටියෙ.. ඒත් හම්බඋනේ නැහැ... මම 10 වසර.. මට මගෙ ගණිත දැනුම දියුනු කරගන්න ඔනෙ... ඔයාට පුලුවන්නම් මට මේ පොත ෆොටෝකොපි ගහගන්න දෙන්න... නැත්නම් ෆොටෝකොපි ගහල දෙන්න මම සල්ලි දෙන්නම්... මේ මගෙ ඊමේල් එක.. පුලුවන්නම් මට කියන්න technoplusasia@gmail.com
ReplyDeleteනැත්තන් මේකෙන් මැසේජ් එකක් දාන්න http://edupluslanka.org/profile/1/
නැත්තන් මේකෙන් හරි... https://www.facebook.com/naveen.yasiru.1
අනේ පුලුවන්නම් දෙන්න ප්ලීස්...