Sunday, September 15, 2013

ජඩ මානව හිමිකම් හමුවේ හෑල්ලු වෙන ශ්‍රී ලාංකිය නිදහස


ප්‍රභාකරන් මරපු සාමාන්‍ය මිනිසුන්ට නැති මානව හිමිකම් යුද්ධයේදී මියගිය කොටින්ට තිබේ. ඒ බව පුන පුනා කියන ජාතකය හඳුනන්නෙ නැති කාළකන්ණි ඩොලර් පිශාචයන්ට තලු මරන්න අවස්ථාව දීම නිදහස් රටක ජීවත් වන අපට තරම් වේද ?  ඔය කෑගහන එක ඩොලර් කාක්කෙක්ගෙවත් මයිල් ගහක සම්බන්ධයක් තියෙන එකෙක් මේ යුද්ධයේදී රට බේරා ගැනීමට ගොස් දිවි පිදුවේද ? නැත. උන්ට දැන් උඩදාගෙන කෑගහන්න නිදහස ලබාදුන්නේ අපේ රණ විරුවො කියලා මේ අමන රැලට තේ‍රෙන භාෂාවෙන් කියලා දෙන්න පුළුවන් ජාතික නායකයෙක් අපට ලැබෙන්නේ කවදාද ?  ඉන්න එවුන්වත් බිය වද්දගෙන කරන මේ නාඩගම ජාතියක් වශයෙන් අවබෝධ කරගෙන ඩොලර් ගැති කාක්කන්ව (කාක්කන්ට අපහාසයක්ද මන්ද ?) රටෙන් තුරන් කිරීමට කාලය පැමිණ ඇත.
මතකද පිටකොටුව, මරදාන, මහ බැංකු, දෙහිවල, පිළියන්දල වැනි නගර වල බෝම්බ පිපිරීම්. ඒවා කලේ කව්ද ? එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුන්සිලයට මේ ගැන පැමිණිළි කිරීමට කෙනෙක් නැතිද ? නැත්නම් ඒවා ප්‍රභාකරන් කී පරිදිම අපට මතක නැතිව ගිහින්ද ?

1 comment:

  1. මේකයි අපේ රටේ යුද්දයක් නැති එකෙන් යුද්දේන් අපෙන් කාපු රටවල් වලට ලොකු පහරක්

    අනිත් එක තමයි එක්සත් ජාතීන්ට කොහොමටවත් රටක අභ්‍යන්තර ප්‍රශ්න වලට මැදිහත් වෙන්න බෑ

    ReplyDelete

ඔබේ මතකයට මෙන්න ඉඩ . . .