Monday, November 16, 2020

11 න් ගුණ කිරීම

සෑහෙන කාලයකට පස්සේ ආයෙත් මේ පැත්තට ආවෙ ඔයාලට තවත් ගණිත ක්‍රමයක් ගැන කියලා දෙන්න. මේ ක්‍රමය මම ඉගෙන ගත්තෙ Auther Benjamin කියන ගණිතඥයාගේ Secret of Mental Math's පොතෙන්. ඉතින් මම හිතුවා මේ සරල ගණිත ක්‍රමය ඔබට කියලා දෙන්න.

ක්‍රමය : 

32 x 11 = ?

අපි බලමු මේ සරල ගුණ කිරීම කොහොමද තත්පර 2න් කරන්නෙ කියලා. හරිල ඔයා දැන් මේ සංඛ්‍යාවේ මුල් ඉලක්කමත් අවසන් ඉලක්කමත් අතරට එම අංක දෙකේ ඒකතුව යොදා බලන්නකෝ. ඔන්න එමෙනම් මම දාලා පෙන්වන්නම්.

32 x 11 = 3 (3+2) 2 = 352

ලේසියි නේද මේ ක්‍රමය. එහෙනම් අපි තවත් අංක දෙකේ සංඛ්‍යා කිහිපයක් ගුණ කරලා බලමු.

11 x 11 = 1 (1+1) 1 = 121

42 x 11 = 4 (4+2) 2 = 462

දැන් මේ සරල ගැටළු ඔයාම විසඳන්නකො.

26 x 11 = 

72 x 11 = 

81 x 11 = 

54 x 11 = 

63 x 11 = 

ඔන්න දැන් අංක දෙක ඒකතු කරාම දහයට ඩැඩි වෙන්නෙ නැති ඒවනේ අපි හැදුවේ. මෙන්න අංක දෙක ඒකතු කරාම දහය හෝ ඊට වැඩි සංඛ්‍යාවක් පිළිතුර වශයෙන් එන සංඛ්‍යාවන සුළු කරන්නේ කොහොමද කියලා බලන්න.

55 x 11 = ?

මෙහිදීත් අංක දෙක මැද්දට එම අංක දෙකේ එකතුව තමයි දාන්නෙ. ඒ උනාට ඒ දෙකෙහි එකතුව (5+5) = 10 ක් වන නිසා දහයේ 0 මැද්දට දමා ඉදිරියේ ඇති 1 සංඛ්‍යාවේ මුල් ඉලක්කමට (5) ට එකතු නරනවා.

5 (5+5=10) 5 = (5+1) 0 5 = 605 

එහෙනම් අපි මේ ගැටළු ටිකත් සුළු කරමු.

65 x 11 = 6 (6+5=11) 5 = (6+1) 1 5 = 715

66 x 11 = 6 (6+6=12) 6 = (6+1) 2 6 = 726

85 x 11 = 8 (8+5=13) 5 = (8+1) 3 5 = 935


දැන් මේ ගැටළු විසඳන්න.

88 x 11 = 

28 x 11 = 

75 x 11 = 

73 x 11 = 

අපි බලමු 99 x 11 කොහොමද විසඳන්නේ කියලා.

99 x 11 = 9 (9+9=18) 9 = (9+1) 8 9 = 1089

මෙහිදී ඉදිරිපස අංකයේ එකතුව එලෙසම සඳහන් කරනවා.

98 x 11 = 9 (9+8=17) 8 = (9+1) 7 8 = 1078

මේ ආකාරයෙන් මෙම සුළු කිරීම් කරන්න.

    දැන් ඔබට තේරෙන්වා නේද මේ ක්‍රමය කෙතරම් ලේසිද කියලා. ඔව් මම දන්නවා දැන් මොනාද ඔබ හිතන්නේ කියලා. අංක 3, 4, 5 තියන සංඛ්‍යා ගුණ කරන හැටිනේ. ඒ් විතරක් නෙවේ. කැමති ඔනම සංඛ්‍යාවක් 11න් ගුණ කරන හැටි මම දැන් ඔබට කියලා දෙනවා. මෙන්න ඒ ක්‍රමය : 

අංක 3 ක් හෝ ඊට වැඩි සංඛ්‍යා 11න් ගුණ කිරීම

111 x 11 = 1 (1+1) (1+1) 1 = 1221

අපි බලමු කොහොමද එහෙම වුනේ කියලා.

පළමු අංකය ලියා ගන්න. ඉන් පසු පළමු අංකයට දෙවන අංකය එකතු කරලා ලියන්න. ඊට පස්සෙ දෙවන අංකයට තුන්වන අංකය එකතු කර ලියන්න. දැන් අවසානයට තුන්වන අංකය එසේම ලියන්න.

123 x 11 = 1 (1+2) (2+3) 3 = 1353

142 x 11 = 1 (1+4) (4+2) 2 = 1562

156 x 11 = 1 (1+5) (5+6) 6 = 1 6 (5+6=11) 6 = 1 (6+1) 3 6 = 1716  මෙහිදී අප පෙර ඉගෙන ගත් 10ට වැඩි වූ විට වමේ අංකයට ඒකතු කිරීම යොදන්න.

828 x 11 = 8 (8+2=10) (2+8=10) 8 = (8+1) 0 (2+8=10) 8 = 9 (0+1) 0 8 = 9108

දැන් මේ සංඛ්‍යා සුළු කරන්න. 

628 x 11 = 

729 x 11 = 

329 x 11 = 

188 x 11 = 

555 x 11 = 


ඉතිං යාළුවනේ මේ ක්‍රමය ගැන තව විස්තර ඔනෙනම් comment එකක් දාන්න. තවත් මේ වගේම සරල ක්‍රමයකින් හමු වෙමු.



2 comments:

  1. මේ වගේ මනෝමය ක්‍රම සොයාගන්න තියෙන තැන් මොනවද? හරිම රසවත්. ඒ වගේම අයි කිව් වලට ඉතාම වැදගත්...

    ReplyDelete
    Replies
    1. Secrets Of Mental Mathe - Arthur Benjamin

      Delete

ඔබේ මතකයට මෙන්න ඉඩ . . .