Friday, March 8, 2013

මම සිංහල ජාතිවාදියෙක්මි.

සිංහල අපි හැමෝම ජාතිවාදි විය යුතුයි. මොකද දමිළයා මුසල්මානුවා තම ජාතිය වෙනුවෙන් කතා කරන විට අන්න නියම මිනිසුන් උන් තමන්ගේ ජාතිය වෙනුවෙන් කතා කරනවා කියන අපි අපේ සිංහල කොල්ලෙක් / කෙල්ලෙක් සිංහල ජාතිය වෙනුවෙන් කතා කරනකොට මෙන්න මූ ජාතිවාදය අවුස්සනවා කියලා කෑ ගහල වරිගෙ නසා ගන්නා පිරිසට අයත් වන්නන්ගේ කුලකයට අයිති බැවිනි. රට ජාතියට ආදරය කිරීම ජාතිවාදය පැතිරවීමක් නොව නියම ජාතිකයෙකුගේ ලක්‍ෂණයක් බව අපි හඳුනාගැනීමට තව කොපමණ කල් ගන්නවාද යන්න මත සිංහල ජාතියේ පැවතීම හා වැනසීයාම රඳා පවතින බව තේරුම් ගන්නේ කොපමණ සුළු පිරිසක්ද? කිසියම් කෙනෙකු සර්ව ආගමික හෝ සර්ව ජාතික නම් ඒ අයගේ හෘද සාක්ෂිය විමසීමට බඳුන් කල යුතුයි. මොකද ජාතියක් හෝ ආගමක් මිනිසෙකුට තිබිය යුත්තේ එකක්(එය මාරු කිරීම වෙනත් කරුනකි) බැවිනි. සිංහල බෞද්ධ වන කිසියම් කෙනෙකු සත්ත්ව මාංශ කෑමේ ආශාවෙන්  මුස්ලිම් ප්‍රතිපත්ති අනුගමනය කිරීම වැනි වූ දෙබිඩි පිළිවෙතක් තමයි මේ සර්ව ආගමික හෝ සර්ව ජාතික මිනිසුන්ගේ ක්‍රියා පිළිවෙත් වලින් පැහැදිලි වන්නේ.  එයට මැදි වන සාමාන්‍ය ජනතාව සිතන්නේ මොහු ඉතා හොඳ සාධාරණ පුද්ගලයෙකු වශයෙනි. එහෙත් ඔහුගේ මන්ද මානසිකත්වය බැව් දන්නේ ඔහුම පමණි. මොකද ඔහු සිංහල බෞද්ධ වුවත් වෙනත් ජාතියක වුවත් මිනිසකු නිසා තමන්ට රිසි දේ කිරීමට ඔහුට හැකියාව පැවතීමයි. එහෙත් අවාසනාව නම් ඔවුන් එම දෙබිඩි ජීවිත සාධාරණිකරනය කිරීමට යොදා ගන්නේ සමාජය වීමයි.


මතු සම්බන්ධයි ...

5 comments:

  1. මේවාට පහර දෙන කුලකයේ ඇති සමානතාවක් මා හොඳින් අවුබෝධ කර ගත්තෙමි.

    ReplyDelete
  2. එහෙනම් මුලින්ම ඔබ බුදුදහම අතහරින්න. එය ලොව නිර්මලම අවිහිංසාවාදී ආගමකි. එය ජාතිවාදීන්ට සුදුසු නැත. ජාතියේ නාමයෙන් අනෙකුන් තැලීමට අනුබල දෙන ආගමක් අදහන්න පටන්ගන්න.

    ReplyDelete
    Replies
    1. @Anonymous : ජාතිවාදය යනු අනෙක් ජාතීක අය තැලීමක් ලෙස වැරදි අර්ථ ගැන්වීම මත නම් ඔබ කියූ දේ හරි මිත්‍රයා. ඒත් ඇයි ජාතියට ආදරය කිරීමට ඔච්චර විරුද්ධ වන්නෙ. මා මෙහිදී අනෙක් ජාතීන් තලා පෙලා දැමීමක් ගැන දැක්වූවේ නැහැ. කෙසේ වෙතත් ප්‍රතිචාරයට ස්තූතිය.

      Delete
  3. ජාතියට ආලය කරන්න, ඒත් ජාතියේ නාමයෙන් තලීබාන්වරු වන්නන් නොවන්න. අද පවතින සමාජ ක්‍රමයේ බොහෝ දෙනා යන්නේ මේ දෙවනියට කී කොටස සමග වීම මට මහත් කනගාටුවකි.

    ReplyDelete
    Replies
    1. එකඟ වන අතරම ජාතික හැඟීම විනාශ කර නොගන්න.

      Delete

ඔබේ මතකයට මෙන්න ඉඩ . . .