Saturday, January 21, 2012

මගේ මතකයට පාර තැනුන හැටි

මම ගොඩක් දෙවල් දන්න වගේම ඊටත් වඩා මම ගැන නොදැනගෙන සිටිය, මේ ලෝකෙ පොලොවෙ පය ගහල ජීවත් වෙන ‍මිනිසෙක්. (ඔව් මම කියල පටන් ගත්තම ඉවර වෙන්න ඕන මිනිසෙක්මි කියල තමයි. ඒත් මම කැමතියි මගේ විදියට සිංහල වුනත් හසුරවන්න. ඒක ම‍ට ලේසියි. ඒ කියන්නෙ සිංහල ව්‍යාකරණ හරියට බෑ කියන එක තවත් විදියකට කියන්න පුළුවන් ලේසි ක්‍රමයක්.) කතාව පිට පැන්නද මන්ද ? හරි. මගේ බ්ලොග් ඉතිහාසය මීට අවුරුදු 4කට එහා ගියාට ඒ මුළු කාලය තුළම එක බ්ලොග් සටහනක් දිගටම පවත්වාගෙන යන්න තරම් මම මටම කීකරුව නොවෙයි හිටියෙ. මෙහෙම කාලයක් යනකොට මිනිහෙකුට තමන් කරන හා කරපු මොඩකම් තේරෙණ අවදිය වෙන වයස සමග මටම තේරුම් යනවා බ්ලොග් විතරක් නෙවේ ජීවිතයත් මෙහෙම ගියොත් අවුල් කියලා. ඉතිං සමාජයගත බවට වැඩිපුර යොමුව හිටි මම මගේ බිරිඳගේ ආදරයත් මගපෙන්වීමත් එක්කම ජීවිතේ අළුත් ගමනක් යන්න  හදනකොට මට මගේ අතීත මතක වැළලීමට ඕන වුනා. ඇත්තටම එහෙම පුළුවන්ද? බෑ. බෑ. අතීතය වළලන්න පුළුවන් කමක් කාටවත් නෑ. ඒක රබර් බොලයක් වගේ. ඒත් අපිට පුළුවන් අතීතයෙන් පාඩම් අරගෙන ජීවිතය දිනන්න.  මේ මම දැන් කරනවා වගේ. හදවතට දැනෙන සිද්ධීන් බහුල මගේ ජීවිතයෙන් ඔබට ගතහැකි දෙයක් වේ නම් සතුටට එය හේතුවක් වේවි.

මේ සටහන් මේ විදියට ලියන්න බ්ලොග් අවකාශය තුළ සිටිනා ඔබා මාමා / මාරයා / කතන්දර /අරුණි ශපිරෝ / ලංකා ජෞතිෂ අරණ යන නොදන්නා සහෘදයන්ගේ ලිවීමේ නිරහන්කාරකම ධෛරයක් උනා.

ඊළඟ ලිපියෙන් ජීවිතය අරඹමු . . .

7 comments:

  1. අලුත් ජීවිතයට සුබ පතනවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මුල්ම comment එකට. ඇයි මගේ මරණය update වෙන්නෙ නැත්තෙ?

      Delete
    2. දැන් නම් බ්ලොග් ලියවිල්ල එපා වෙලා තියෙන්නේ :-D

      Delete
  2. ඇත්ත...අතීතයේ මතක කාටවත්ම නිකම්ම නිකම් අමතක කරලා දමන්න බෑ....

    ලියන්න...අපි ඔක්කොම ඉන්නවා ඒ මතක කියවන්න....

    ReplyDelete
    Replies
    1. සතුටුයි නංගි ඔයා මගේ මතකයට ගොඩවැදීම ගැන. මුල කොතනින් පටන් ගන්නද කියල හිතාගන්න බැරුව ඉන්නෙ. දැන දෙපාරක් ලිව්වා. එක සිද්ධියක් තව සිද්ධි ගොඩකට සම්බන්ධයි. මේ ටැපලිල්ල ඉක්මණට ලිහාගන්න ඕන.

      Delete
  3. අතීතය වළලන්න නම් බෑ තමයි, ඒත් ඒවායින් පාඩම් ඉගෙනගෙන අනාගතය හදාගන්නෝන!

    ReplyDelete
    Replies
    1. හැම සිදුවීමක් අවසානයේදීම එය ජීවිකයට පාඩමක් ලෙස තමයි හිතෙන්නේ. ඒත් එය ක්‍රමාන්‍රකූලව ජීවිතයට වැද්දගත්තේ නැත්නම් එය තවත් සිදුවීමක් විතරයි. ස්තූතියි කමෙන්ටුවට.

      Delete

ඔබේ මතකයට මෙන්න ඉඩ . . .