ශ්‍රී ලංකාව නම් චිත්‍රපටියේ ප්‍රධාන නළුවන්ද නිළියන්ද හැර අපි සියල්ලෝම නළු බට්ටො වී ඇත. නළු නිළියන්ට යහමින් ආදායම ඇත. අපට නැත. ( එහෙම හොයන්නටද නොහැක. ) ප්‍රධාන නළුවන්ගේ සුවච කීකරු ගෝල බාලයන් චිත්‍රපටියේ සෑම තැනම පහරති. අහෝ ශ්‍රී ලංකාව . . .
1975 නොවැම්බර් 04 වන දින සිට මේ දක්වා වූ මගේ ජීවන ගමනේ දුක, වේදනාව, පරාජය, වීඳවීම සමඟ මාගේ සතුට එක්තැන් කෙරෙන අන්තර්ජාල නවාතැන . . .
Friday, November 22, 2013
Monday, October 14, 2013
දුම්රිය බලපත්‍ර
අද මම ආසම කරන පොතකින් උපුටා ගත්තු ගණිත ප්‍රශ්ණයක් ඉදිරිපත් කරනවා. ඒ "වයි පෙරෙල්මාන් " රුසියානු රචකයා ලියූ " ගණිත විනෝදය " පොතේ එන දුම්රිය බලපත්‍ර නම් ගැටළුවයි. මා ළඟ මෙම පොත වසර 10කට පමණ උඩදි තිබුනා. ඒත් මගෙන් එය ඉල්ල ගත්තු මගේ යහළුවෙක් නැවත නොදීම නිසා මම පොත් ගැන සැලකිල්ලක් නැති අයට පොත් දීමෙන් වළකිනවා පමණක් නොවේ පොත් තියනවා කීමත් දැන් කරන්නෙ බොහොම පරිස්සමින්. මම මේ අළුත් පොත ගත්තෙ මේ සැරේ BMICH එකේ තිබුන සාහිත්‍ය මාසේ පොත් ප්රදර්ශණයෙන්. වසර දෙකක් සොයලත් හමුඋනේ නැති පොත සොයා ගන්න උදව් උන දිල්රුක් " සුදීක " මිත්‍රයටත් ස්තූතියි පොත පෙන්නුවට ප්රදර්ශණයේදී.
මෙන්න ප්‍රශ්ණය :
" මම දුම්රිය ප්‍රවේශ පත්‍ර විකුණනවා " ක්‍රීඩාවට සහභාගි වූ කාන්තාව තම ගැටළුව ඉදිරිපත් කිරීමට ආරම්භ කලාය. බොහෝ දෙනෙක් සිතන්නෙ එය ලෙහෙසි කාර්යයක් බවයි. කුඩා දුම්රිය සේවය කරන කෙනෙකුට වුවත් කෙපමණ ප්‍රවේශ පත්‍ර විකිණීමට සිදුවේ දැයි දන්නෙ නැහැ.සෑම මගියෙකුටම එම දුම්රිය ස්ථානයේ සිට එම මාර්ගයේ තිබෙන තමන් කැමති ඕනෑම දුම්රිය ස්ථානයකට ප්‍රවේශපත්‍ර ලබාගැනීමට හැකියාවක් තිබිය යුතුයි. එපමණක් නොවෙයි දෙපැත්තටම. මම වැඩ කරන්නේ දුම්රිය ස්ථාන 25 ක් ඇති දුම්රිය මාර්ගයක. ඔබ සිතන ලෙස එම දුම්රිය මාර්ගයේ සෑම දුම්රිය ස්ථානයක් සඳහාම එකිනෙකට වෙනස් ප්‍රවේශපත්‍ර කොපමණ තිබිය යුතුද ?
ඔන්න ප්‍රශ්ණය උත්තරය Comment කරන්න.
Sunday, September 15, 2013
ජඩ මානව හිමිකම් හමුවේ හෑල්ලු වෙන ශ්‍රී ලාංකිය නිදහස
ප්රභාකරන් මරපු සාමාන්‍ය මිනිසුන්ට නැති මානව හිමිකම්
යුද්ධයේදී මියගිය කොටින්ට තිබේ. ඒ බව පුන පුනා කියන ජාතකය හඳුනන්නෙ නැති කාළකන්ණි
ඩොලර් පිශාචයන්ට තලු මරන්න අවස්ථාව දීම නිදහස් රටක ජීවත් වන අපට තරම් වේද ? ඔය කෑගහන එක ඩොලර් කාක්කෙක්ගෙවත් මයිල් ගහක
සම්බන්ධයක් තියෙන එකෙක් මේ යුද්ධයේදී රට බේරා ගැනීමට ගොස් දිවි පිදුවේද ? නැත. උන්ට
දැන් උඩදාගෙන කෑගහන්න නිදහස ලබාදුන්නේ අපේ රණ විරුවො කියලා මේ අමන රැලට තේරෙන
භාෂාවෙන් කියලා දෙන්න පුළුවන් ජාතික නායකයෙක් අපට ලැබෙන්නේ කවදාද ? ඉන්න එවුන්වත් බිය වද්දගෙන කරන මේ නාඩගම
ජාතියක් වශයෙන් අවබෝධ කරගෙන ඩොලර් ගැති කාක්කන්ව (කාක්කන්ට අපහාසයක්ද මන්ද ?)
රටෙන් තුරන් කිරීමට කාලය පැමිණ ඇත.
මතකද පිටකොටුව, මරදාන, මහ බැංකු, දෙහිවල, පිළියන්දල වැනි
නගර වල බෝම්බ පිපිරීම්. ඒවා කලේ කව්ද ? එක්සත් ජාතීන්ගෙ මානව හිමිකම් කවුන්සිලයට මේ
ගැන පැමිණිළි කිරීමට කෙනෙක් නැතිද ? නැත්නම් ඒවා ප්රභාකරන් කී පරිදිම අපට මතක
නැතිව ගිහින්ද ?
Wednesday, August 7, 2013
සසලයි සිතම මගේ
පිංතූරය ගත්තේ - http://tinyurl.com/nycy7o4
සසලයි සිතම මගේ
දැකුමෙන් මුතු සිනහා...
හස්තිනි ගමනින් යන...
දැකුමෙන් මුතු සිනහා...
හස්තිනි ගමනින් යන...
පියකරු රුසිරු ලඳේ
Sunday, April 7, 2013
සැබෑ මිනිසත් ගති ඇති ත්‍රීරෝද රථ රියදුරු
දිනය - 2013-අප්‍රේල්-02
වේලාව - ප.ව.10.15 පමණ
ස්ථානය - පිළියන්දල බස්රථ නැවතුම ඉදිරිපිට ත්‍රීරෝද රථ නැවතුම
මම මේ වෙලාවේ හිටියෙ බොහොම අපහසුවෙන්. කොළඹ කොටුවෙ ඉඳලා මීටර් ටැක්සියක ඒමට හැකියාව තිබුනත් අතරමගදී යෙදී තිබුන වෙනත් කටයුත්තක් නිසා බස් එකේම යනවා කියලා තීරණය කළ මම එදින ප.ව. 10ට පමණ පිළියන්දලට ආවේ බොහොම සුඛෝපබෝගි ලෙස හිටගෙනමයි. මේ වෙලාවේදී පිළියන්දල ත්‍රීවීල් රථ කිහිපයක් තිබුනත් මා ඉන් එකකටවත් ගොඩ නොවූයේ රාත්‍රී ගමන් බිමන් වලට මා අඳුනන ත්‍රීවීල් රථ පමණක් මා යොදා ගන්නා නිසයි. මේ වෙලාවේදී මම අඳුනන බණ්ඩාර මල්ලි එයාගේ ත්‍රීවීල් එක එතනට ගෙනත් නැවැත්තුවා. ඉහේ මලක් පිපුන මම මල්ලි අපි යමුද කියා ඇහුවා. එතකොට බණ්ඩාර මල්ලි කිව්වෙ "යමු අයියේ.. ඒත් යන ගමන් කැස්බෑවෙ යාළුවෙක් ඉන්නවා එයාට කතා කරන් යමු" කියලයි. ඒ මල්ලි ගැන දන්න නිසා මම "හා කමක් නෑ. වැඩිවෙලා නවත්තන් ඉන්නෙ නැතුව යමු" කියලා මම කිව්වෙ ගෙදර යාමට මට තිබූ හදිසිය යටපත් කරගෙනයි. අපි විනාඩි පහක් ඇතුලත කැස්බෑවට ආවා.ඒ එනකොට කැස්බෑව බස් නැවතුම පැත්තේ සිට තරුණයන් දෙදෙනෙක් පාර පැන ත්‍රීරෝද රිය පැත්තට ආවා. එතකොට බණ්ඩාර මල්ලි සාක්කුවෙන් මුදල් පිරුන මුදල් පසුම්බියක් ගෙන "මල්ලි සල්ලි ඔක්කොම තියනවද බලන්න" කියල අර ආ තරුණයෙක්ට කිව්වා. මේ වෙන සිද්ධිය මොකක්ද කියලා එක පාරටම මට තේරුම් ගන්න බැරිඋනත් අර තරුණයා "තෑන්ක්ස් බණ්ඩාර. සල්ලි නැති උනත් පර්ස් එක ලැබුනනේ" කියලා කිව්වා. නමුත් බණ්ඩාර සල්ලි ගණන් කර බලන්න කියා බල කර හෙයින් ඔහු එය ගණන් කර බලා සියළු මුදල් අඩු නැතුව තියෙන බවත් රු 12,000/- මුදල තිබූ ආකාරයෙන් තිබෙන බව කීමෙන් මට කාරණය වැටහුනා. මම මේ ත්‍රිරොද රථයට නගින්නට ප්‍රථම තරුණියක් මෙම රථයෙන් ගිහින් තියෙනවා. ඇය අසුන මත මුදල් පසුම්බියක් දැක එය බණ්ඩාර මල්ලිට දීල තියෙනවා. ඇයට පෙර මෙම රථයෙන් ගිය මගියාගේ මුදල් පසුම්බිය බව අවබොධ කරගත් බණ්ඩාර එය නැවත දුන්නේ ඔන්න ඔය ආකාරයටයි. බණ්ඩාර මෙන්ම මෙහි තරුණියද මිනිසත් බව ලැබූ මිනිසුන් බවයි මගේ අදහස.




