Tuesday, February 25, 2014

Make Your Own Games with Game Maker Studio - Game Make Studio මගින් විනෝද ක්‍රීඩාවක් නිපදවමු.

ඔබත් කැමතිද ඔබ විසින් නිර්මාණය කරන ලද පරිගණක ක්‍රීඩාවක් යහළුවන් සමග සෙල්ලම් කරන්න. මතකද අපි 1993 – 2003 වැනි අවදියේදී ක්‍රීඩා කල Super Mario, Red Alert, Police වැනි ක්‍රීඩා. ඒවා එකල අපගේ සිත් කෙතරම් පැහැර ගත්තද ? අපි එවැනි ක්‍රීඩාවක් නිර්මාණය කරන්න කොච්චර සිහින මැව්වද ? අපෙන් කිහිප දෙනෙකුට ඇරෙන්න එම අවස්ථාව කරා යාමට නොහැකි වුනේ C, Java වැනි පරිගණක භාෂා නොදැන සිටීම නිසා නේද ? ඔන්න අද එම මග හැරුන අවස්ථාව නැවතත් උදා වෙලා. අපිට අපේම කියලා පරිගණක ක්‍රීඩාවක් දැන් නිර්මාණය කරන්න පුළුවන්. ඉතා සුළු ක්‍රියාකාරකම් කිහිපයක් මගින් පරිගණක ක්‍රීඩාවක් නිර්මාණයට මෙම Game Maker  හරහා ඔබට පුළුවන්. මේ මෘදුකාංගය භාවිතයෙන් ඔබට නිර්මාණ හැකියාව පුළුල්ව තිබෙනවානම් බොහෝ දේ කල හැකියි. එනම් මෙම මෘදුකාංගය මගින් ආධුනික මට්ටමේ සිට වෘත්තීය මට්ටමේ ක්‍රීඩා නිර්මාණය කරගැනීමට ඔබට පුළුවන්.

මගේ මේ උත්සාහය වන්නේ ලාංකික අපිට හුරු අපේම පරිගණක ක්‍රීඩා වෙත ආධුනික ඔබ නැඹුරු කරවන්නයි. කවදත් නැවුම් අදහස් ඇති අපේ බ්ලොග් මිතුරන් තමන්ට හිතෙනා ක්‍රීඩා තේමාවක් ඔස්සේ මෙමගින් පරිගණක ක්‍රීඩා නිපදවන දවස අදින් ආරම්භ කරයි කියලා මම දන්නවා.

මුලින්ම මේ සඳහා Game Maker Studio මෘදුකාංගය ඔබගේ පරිගණකයේ ස්ථාපනය කර තිබිය යුතුවේ.Game Maker මෘදුකාංගය අද වන විට ලෝකයේ බොහෝ පාසල් හා විශ්ව විද්‍යාල වල පරිගණකගත විනෝද ක්‍රීඩා නිර්මාණකරනය ඉගැන්වීමේදී යොදා ගනී.

පහත සබැඳිය මගින් Game Maker Studio නිශ්පාදක අඩවියෙන් ඔබට මෙය භාගත කල හැකි අතර මෙහි බොහෝ පිටපත් අන්තර්ජාලය මගින් නොමිලේ ලබා ගන්න පුළුවන්.

http://www.yoyogames.com/studio/download